hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, ප.ව. 2:42



සියලු කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමී ලෙස සිදු කර ගැනීම මේ මොහොතේ ඉතා වැදගත් බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසයි.

ජනපති හා අගමැති ධූරවලට සුදුසු පුද්ගලයින් තෝරාපත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටේ ස්ථාවරත්වය පිණිස පක්ෂ දේශපාලනයෙන් තොරව හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ සඳහන් කළා.

සාමය ආරක්ෂා කර ගනිමින් රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සියලු දෙනාගේ මූලික වගකීම බවද ධම්මානන්ද හිමියෝ පැවසුවා.

රටේ ඇති වෙමින් තිබූ ව්‍යවසනාකරී හා අස්ථාවර තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කළත් ඒවා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුකළ බවක් පෙනෙන්නට නොතිබුණු බවත් මේ නිසා රට දිනෙන් දින ව්‍යසනකාරී තත්ත්වයකට ගමන් ගත් බවද ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කළා.

මේ අවස්ථාවේ යළිත් රටේ නොසනුසුන්කාරී තත්ත්වයක් ඇති නොවීමට බලපාන සියලු හේතු කාරනා සම්බන්ධව අවධානය යොමු කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර – කමල් සුරවීර