hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 14, පෙ.ව. 9:13



රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව වාහා කැඳවා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු යැයි නැවතත් අවධාරණය කරන බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මාධ්‍ය නිවේදනයක් ඊයේ (13) නිකුත් කළා.

එමෙන්ම මේ මොහොතේ රටේ නීථියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව සිය විරෝධය දැක්වීම හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිදු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නිතර මහජනතාව වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව මහනාහිමිවරු පෙන්වා දෙනවා.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන, අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි හා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහ නාහිමවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජන ජීවිත සුරක්ෂා කොට ජනතා ගැටළු විසඳීමෙහි ලා නිසි සැලැස්මක් නොමැති, අත්තනෝමතික බල අරගලයක් තුළින් සිදුවන්නේ තවදුරටත් රට අරාජික වීම බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්,