hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 3:21



අගමැතිවරයා විසින් මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා තිබෙනවා.

අද උදෑසන අරලියගහ මන්දිරයට පැමිණ ඉතා ම සාමකාමී ලෙස විසිර ගිය ජනතාව අතරට එකතු වූ කිසියම් පිරිසක් විසින් ඉතා ම සංවිධානාත්මක ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය, විරුද්ධ මතයට ගරු කිරීම, සංවාදය මිස ප්‍රචණ්ඩත්වය මගේ ප්‍රතිපත්තිය නොවේ.

පසුගිය සමයේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ කණ්ඩායම් උපරිමයෙන් භුක්ති විඳිනු දැකගත හැකිවිය. එහෙයින් මෙම අවස්ථාවේ කිසිදු ගැටුමකට සම්බන්ධ නොවන ලෙසත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය⁣ට සහයෝගය ලබා දෙමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් මහ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.