2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:18
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (11) දිනයේ දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම නිල නිවසින් පිටත්ව යාමට නියමිත බැවින් දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් මේ වනවිට පැමිණ ඇත.
තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු අමාත්‍යවරුන් සහ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් මේ වනවිට පැමිණ ඇත.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබාදී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11