hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 15, පෙ.ව. 10:55



වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ(14) කැඳවනු ලැබුවා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල අද (15) දිනය දක්වා විදේශගත නොවන බවට ඔවුන්ගේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම ප්‍රතිඥාව ලබා දී තිබෙනවා.

මෝසම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගතවී ඇත්තේ ඉතා හොදින් සැලසුම් සහගතව සංවිධානය කිරීමෙන් බවයි.

13 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ බවට මාධ්‍ය වාර්තා කර තිබූ බව ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළා.

මෙම මෝසම ගොනු කරන ලද්දේ සඳුදා උදෑසන බවත් බැසිල් රාජපක්ෂ මහතා ගුවන් ටිකට් පත් වෙන්කර ගෙන ඇත්තේද එදින සවස බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති නීතිඥවරයා පැවසූවේ එම ගුවන් ටිකට් පත් මිලදී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා රුපියල් මිලියන 5.3ක් වැය කර ඇති බවත් එම ටිකට් පත් වල ආපසු පැමිණෙන දිනය ලෙස 2023 මාර්තු 02 වැනිදා ලෙස සඳහන් වී තිබෙන බවත්ය.

අදාල පෙත්සමේ තවත් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේවන විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ඇති බවත් පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා ඔහු මෙරට සිටින්නේ දැයි කවුරුත් නොදන්නා බවත් කියා සිටියා.

මෙම වගඋත්තරකරුවන් විදේශ ගත වීමෙන් වැලකී සිටිනු ඇතැයි සහතිකයන් ලබා දෙන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කර සිටියා.

එනිසා එම වගඋත්තරකරුවන් විදේශ ගත වැලක්වීමට නියෝගයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: