hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 05, ප.ව. 3:54



පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ කමිටුව පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙනවා.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර ඇති බව සඳහන් වෙනවා.

එහි සෙසු සාමාජිකයින් ලෙස ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: