hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 16, පෙ.ව. 6:15



සීමා නිර්ණය අනුව ලබන පෙබරවාරි 28 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීවරු අටදහස් ගණන පන්දහස් දෙසීයක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වනු ඇති අතර පනතේ විධි විධාන අනුව ඉන් අනතුරුව සමාලෝචන කටයුතු පවතින බවත් ඒ අනුව තව හය මාසයකට වඩා ජන්දය කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

මැතිවරණ කොමිසමට වඩා ඉහලින් ඇත්තේ පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණය පමණක් වන අතර ජන්දය පැවැත්වීමේ අයිතිය මැතිවරණ කොමිසම සතුව පවතින බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.

මේ අතර එළඹෙන 20 වැනි දින සියලුම දේශපාලන පක්ෂ මෙන්ම නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු පිරිස් වල සහභාගීත්වයෙන් සීමා නිර්ණය ගැන සාකච්ජාවක් පැවැත්වෙන බවද දේශප්‍රිය මහතා කියා සිටියා.