hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 02, පෙ.ව. 2:47



මැතිවරණ සීමා නිර්ණයට අදාළ අවසන් වාර්තාව මාර්තු මස අවසන් දිනයට පෙර ලබා දිය හැකි බවත් එම සීමා නීර්ණයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු කළ යුතු බවත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

එම වාර්තාව රජයට ලබා දීමෙන් පසුව සමාලෝචන කමිටුවක් පත්කොට අඩුපාඩු සැකසීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත් එම වාර්තාව ලබා දී තිබුණත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් පරණ ක්‍රමයට මෙම ඡන්දය පැවැත්විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.