hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 20, පෙ.ව. 4:25



පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින්ම පැවතිය යුතු බවත් කල් ඉකුත්වූ සභිකයින්ට තවදුරටත් බලයේ රැදී සිටීමට ඉඩදීම මැතිවරණය නොපවත්වනවාට වඩා බලවත් අකටයුත්තක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (19) අම්බලන්ගොඩදී සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින්ම පැවැත්වීම ඉතා වැදගත් බවත් දැනට සිටින පළත් පාලන නියෝජිතයින්ද බලයේ සිටිනුයේ කාලය ඉකුත්වී දිගුකිරීමකින් බවත් තව දුරටත් ඔවුන්ගේ කාලය දිගු කිරීම කෙසේවත් නොකළ යුතු කටයුත්තක් බවත් ද දේශප්‍රිය මහතා කියා සිටියා.

පළාත් පාලන නියෝජිතයින්ගේ කාලය තව දුරටත් දීර්ඝ කිරීම ඡන්දය නොපවත්වනවාටත් වඩා බරපතල කාරණයක් බවත් දේශප්‍රිය මහතා සඳහන් කළා.

කාලය නිමාවූ පළාත් පාලන නියෝජිතයින්ට යළිත් බලය නොදි කොමසාරිස් පාලනයට පළාත් පාලන ආයතනවල පාලනය නතු කොට හැකි ඉක්මණින්ම ඒ ඡන්දය පැවැත්වීම කළයුතු ඉතා අතයාවශයම කාරණයක් බවද මෙහිදී මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.