hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 13, පෙ.ව. 8:43



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවින්  ආපසු සිය නිවෙස බලා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසුවා.

 ඔහු 11 වනදා 01.00 තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත හිටපු අමාත්‍යවරයාට මෙම ගුවන් ගමන සදහා අවසර ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලබා දී නොතිබුණා.

හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද ඇය ද සිය ගුවන් ගමන අතහැර අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබුණා.