hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 12, පෙ.ව. 5:02



පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූවා.

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ මීගමුව, කුරණ, ශාන්ත පීතර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

උතුම් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩදිය නොහැකි බවත්, එවැනි මෝඩ දේ කිරීමට ඉඩනොදෙන ලෙස තමන් සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් ඉල්ලීමක් කරන බවත් කාදිනල්තුමෝ සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ කී පලියට රටට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බව ද කාදිනල්තුමෝ කියා සිටියා.

ඇතැම් දේශපාලනඥයින් ලංකාවම විකුණා හෝරි කකා බිබී ඉන්නට කල්පනා කරමින් විදේශීය සමාගම්වලට රටේ කොටස් ලබාදෙන බවත්, ‘බලය, තනතුරු ආරක්‍ෂා කරගැනීම සඳහා රට පාවිච්චි කරන්නට එපා’ යැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූවා.