hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 13, ප.ව. 8:44



පවතින තත්ත්වය හමුවේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී නව රජයක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුකට එක් වෙමින්.

එසේම අයවැයෙන් මුදල් වෙන්කර ඇති මොහොතක පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ප්‍රජාත්‍රන්ත විරෝධී ක්‍රියාවක් බවද උන්වහන්සේ එහිදී සඳහන් කළා.

ඒ අනුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි එම මාධ්‍ය හමුවේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් කියා සිටියේ.