hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 04, ප.ව. 8:33



තමන්ද මහනායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් අනුමත කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවා.

උන් වහන්සේ එසේ පැවසූවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානුව වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරවාරයේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින්.

එහිදී උන්වහන්සේ මෙසේද අදහස් දක්වා සිටියා,

“ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළා. පාප් වහන්සේ ඉතා පැහැදිලිවම කිව්වා මේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ වෙලා නැහැ කියලා. රටේ තිබෙන තත්ත්වය ඉතාමත් භයානකයි. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ වගකිවයුතු නායකයෝ රට ගැන හිතලා කටයුතු කරන්න පුරුදු වෙයි කියලා. දේශපාලකයින් රඟපානවා නම් මහා නායක ස්වාමීන් වහන්සේලාට අයිතියක් තිබෙනවා කියන්න. එහෙම කර කර අපිව මුණගැහෙන්නේ එන්න එපා කියලා. මේ ප්‍රශ්නය ගැන මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළ අදහස අපි සම්පූර්ණයෙන් ම අනුමත කරනවා. අපි ඒ සමග ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. පසුගිය ඡන්ද වෙලාවේ මමත් ගොඩක් අපේක්ෂකයින්ව හමුවුණේ නැහැ. මොකද ඒ අය ඇවිත් සුන්දර වචන කියලා රවට්ටන්න උත්සාහ කරනවා. පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂවරු ඉන්නවා කියලා මට එකවරම ඇඟිල්ල දිගු කරන්න බැහැ කාටවත්. අපි කියන්නේ සාධාරණ විග්‍රහයක් විමර්ශනයක් අවශ්‍යයි කියලා. කවුද ඉන්නේ කියලා දැනගන්න.”

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ආරාධනයකට අනුව වතිකානුව බලා ගිය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් සහ ඔවුන්ගේ ඥාතීන් අද උදෑසන දිවයිනට පැමිණියා.

පසුගිය මස 22 වනදා ඔවුන් වතිකානුව බලා දිවයිනෙන් පිටත්ව ඊයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ශුද්ධෝත්තම පාප්වහන්සේ කළ ආරාධනයකට අනුවයි.

එහිදී පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසට ද ඔවුන් පාප්වහන්සේගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.