2026 ජූලි 08, පෙ.ව. 12:10
මෙරට ජනතාව මැතිවරණයකින් ලබාදුන් ස්ථාවර තීන්දුවකට ගරු කරමින් රට ගොඩනැඟීමට දායක වෙනවා වෙනුවට, ආණ්ඩුව පිහිටුවූ පසුදින සිටම බලය පැහැරගැනීමේ පටු දේශපාලන ව්‍යාපාරයක සමහරුන් නිරත වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
ආණ්ඩුවල ‘කකුලෙන් ඇදීමේ’ සාම්ප්‍රදායික කෙටි මාර්ග හරහා කිසිදා රටක් දියුණු කළ නොහැකි බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ක්‍රිස්තියානි තරුණ කම්කරු ව්‍යාපාරයේ (YCS) 75 වැනි සංවත්සර උත්සවයට කොළඹදී එක්වෙමිනි.
එහිදී අදහස් දක්වූ කාදිනල් හිමිපාණෝ
“මම ඊයේ තමයි රෝමයේ ඉඳලා ලංකාවට කාලෙකින් ආවේ. රෝමයේ පැවැත්වූ ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේ සමඟ පැවැත්වූ කාදිනල්වරුන්ගේ සංසදයේ රැස්වීමට සම්බන්ධ වුණාට පස්සේ. ඒ වෙලාවෙදී අපි සාකච්ඡා කළේ ශුද්ධෝත්තම ලියෝ පාප්වහන්සේ විසින් සකස් කරන ලද උන්වහන්සේගේ පළමුවැනි විශ්ව ලේඛනය ගැනයි. මෙම විශ්ව ලේඛනය ඉතාමත්ම සංකීර්ණ ඒ වගේම ඉතාමත් වැදගත් පණිවිඩයක් ලෝකයට සමාජයට කියාපානවා.
අද මේ සමාජයේ ඇතැම් අය සල්ලි හම්බ කරන්න ඕනෑම දෙයක් කරනවා. ඒක හරිද වැරදිද නීත්‍යනුකූලද මේ කරන දෙය අනිත් අයට පීඩාවක්ද ඒවා කල්පනා කරන්නේ නැහැ. මේක අද සමාජය තුළ තියෙන ලොකු ප්‍රශ්නයක්.
අපි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඡන්දයක් තියලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ජනතාව ස්ථාවර තීන්දුවක් ලබා දුන්නා. හැබැයි ඒ පත්කරගත්ත පහුවෙනිදා ඉඳලම සමහරු පටන් ගත්තේ මේ ආණ්ඩුව පෙරළලා අපි බලයට එමු කියන ව්‍යාපාරයයි. ‘අපි හැමෝම එකතු වෙලා රට හදමු’ කියලා ඒ අය හිතන්නේ නැහැ. මුළු වෙලාවෙම බලන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නයි. බලයට එන්න තියෙන ‘ෂෝට්කට්’ එක ඒක තමයි. මේවා අපේ මිනිස්සු දේශපාලනිකව වහල් වෙලා තියෙන වැරදි දේවල්.
අපි එකතුවෙලා රට හදමු. ජනතාව දැන් තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව අනුව අපි සියලු දෙනාම එකතුවෙලා රට හදමු කියලා ඒ අය කල්පනා කරන්නේ නෑ.
මුළු වෙලාවෙම කකුලෙන් අදින්න තමයි බලන්නේ. ඒක තමයි ෂෝට් කට් එක. බලයට එන්න තියෙන ෂෝට් කට් එක.
අපේ රට ගොඩනඟන්නට අපි යම් යම් දේවල් කරන්නට ඕනේ. යම් යම් තෝරා ගැනීම් සිදු කරන්නට වෙනවා. ඒ තෝරා ගැනීම්වල පරිත්‍යාගයක් කියන එකක් තියෙන්නට ඕනේ.
කෙටි මාර්ගවලින් ලංකාව දියුණු කරන්න බැහැ. ඒ සඳහා කැපකිරීම් සහ පරිත්‍යාගයන් අවශ්‍යයි. නමුත් අපේ රටේ නායකයන් දේශපාලන කෙටි මාර්ග සොයා යමින් රට විනාශ කළා. ඒ වගේම අද සමාජයේ ඇතැම් අය සල්ලි හම්බ කරන්න ඕනෑම ජන විරෝධී දෙයක් කරනවා. තමන් කරන දේ හරිත වැරදිද, සදාචාරාත්මකද, නැත්නම් අනෙක් අයට පීඩාවක්ද කියලා ඔවුන් කල්පනා කරන්නේ නැහැ.
උතුරු නැඟෙනහිර ප්‍රශ්නය අනවශ්‍ය ප්‍රශ්නයක්. මේ රට නිදහස ලබපු වෙලාවෙදී සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලුදෙනා සහෝදරයන් වගේ එකට එකතුවෙලයි ඒ නිදහස ලබාගත්තේ. දේශපාලන පක්ෂ පිහිටුවා ගත්තා. ජාතිය ආගම පදනම් කරගත්තු පක්ෂ පිහිටෙව්වේ නැහැ.
යුක්තිය සහ සාධාරණය කියන්නේ සූවිප් ටිකට් එකක් වගේ අහම්බෙන් දිනාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. හරි දේ කරන්න පුරුදු වෙන්න ඕනේ. වැරදි දේ කරලා සමාජ පරිවර්තනයක් ඇති කරන්න බැහැ. හැමෝම හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ”
අපේ රටේ තරුණ ක්‍රියාකාරීන් දවසක මේ සමාජයේ ඉහළම තනතුරුවලට පත්වෙන්න පුළුවන්. එදාට ඔබලා පටු දේශපාලනයෙන් මිදී සැබෑ සමාජ පරිවර්තකයන් වෙන්න ඕනේ. සමාජය පිරිසිදු කරන, සමාජය සෝදන ප්‍රතිපත්තිගරුක නායකයන් වෙන්න අදිටන් කරගන්න.”
2026 ජූලි 09, පෙ.ව. 12:30
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:25
2026 ජූලි 09, පෙ.ව. 12:21
2026 ජූලි 09, පෙ.ව. 12:17
21-05-26
21-05-26
21-04-26
21-04-26
16-02-26
16-02-26
09-12-25
09-12-25
10-10-25
10-10-25
14-06-25
14-06-25
11-02-25
11-02-25
01-12-24
01-12-24
26-10-24
26-10-24
17-01-24
17-01-24
18-12-23
18-12-23
10-09-23
10-09-23