hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 14, පෙ.ව. 6:06



නූතන ඉතිහාසයේ සිදුවූ අපරාධ පිළිබඳව කිසිම රජයක් නිසි විමර්ශනයක් සිදුකර නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරනවා.

බෝම්බ ප්‍රහාර, අතුරුදන් වීම්, පුද්ගල ඝාතන වැනි සිදුවීම් සති දෙකකින් පමණ අමතක කර දැමීමේ නරක සම්ප්‍රදායක් පවතින බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ආධාර වශයෙන් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යුරෝ ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

එම මුදල් බෙදා දීමේ පළමු වැඩසටහන ඊයේ (13) පැවැත්වුණේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මෙම වැඩසටහන පැවැත්වුණේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“ඔබට යුක්තිය ඉෂ්ඨ විය යුතුයි. ඒ නිසයි අපි නඩු දැම්මේ. ලංකාවේ නරක සම්ප්‍රදායක් තිබෙනවා. සති දෙකයි මතක කියලා ප්‍රභාකරන් කියලා තියෙනවා. නූතන ඉතිහාසයේ සිදුවූ අපරාධ පිළිබඳව කිසිම රජයක් නිසි විමර්ශනයක් කරලා නැහැ. පාස්කු ප්‍රහාරයටත් සිදුවුණේ ඒ ටිකමයි. මේක බාගෙට තැම්බුණු ඉස්සෙක් වගේ.යාන්තම් අතගාලා අතහැරලා දානවා. ජනාධිපති කොමිසමෙනුත් හරියට විග්‍රහ වෙලා නෑ. සහරාන්ව නිලධාරියෙක් අල්ලගන්න උත්සාහ කරපු වෙලාවේ පොලිස් නිලධාරියාව සිරභාරයට ගත්තේ කවුදැයි සොයලා නැහැ. දැනුත් පාස්කු ප්‍රහාරය අභිරහසක්. යුක්තියක් ඉෂ්ට වෙන්න නම් ක්‍රමවේදය වෙනස් විය යුතුයි. අපි නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ විනිවිද භාවයකින් යුත් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් හදන්න.”