hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 7:47



දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වන විට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

එහිදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ,

” අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කළේ වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳව. 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න හැකියාව ලැබුණා. මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතය 15%ක්. ඒක 3%ක වැඩිවීමක්. මිටිබව සහ කෘෂභාවය 2%ක වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දක්නට ලැබෙනවා. ආර්ථික අර්බුදයත් සමග මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අපි හැමෝම බලන්නේ ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් වැඩි කරලා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කරන්න. ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කළා. බිලියන 02 තිබුණු එක බිලියන 12 දක්වා වැඩි කරලා තියෙනවා.දරුවන්ට හැකි තරම් හොඳ ආහාර වේලක් ලබාදීමට අපිට මාධ්‍ය හරහා, ධානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර හරහා හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”