hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 17, පෙ.ව. 8:41



විරැකියාව රජවෙලා තිබෙන අවස්ථාවක තරුණ ජනතාව පිටරට රැකියා සදහා යාමට පටන් අරන් තිබෙන බව විදෙස් බලය සංවිධානයේ කැඳවුම්කරු මාධ්‍යවේදී ජනක බලල්ල මහතා පෙන්වා දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(16) මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියා. 

“දීර්ඝ කාලයක් තිස්සේ ගෘහ සේවිකාවන් සදහා යන තරුණ තරුණියන්ට කරදර වෙනවා අපි හොයලා බැලුවා මෙය ගොඩක් නොපුහුණු පිරිස් තමා මේ සදහා වැඩි හරියක් යන්නේ. ඔවුන් භාෂාව දන්නේ නෑ රටේ තත්ත්වය දන්නේ නෑ. ඒ නිසා මේ දේවල් වලට මුහුණ පානවා අමාත්‍යවරයා කියනවා මේවට පනත් සකස් කලා කියලා. 

නමුත් මේ හොර පාරවල් වලට යොමු කරන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් මුදල් අරන් පුහුණු සහතිකය නොමැතිව යන්නේ අමාත්‍යවරයා හරියට වැඩ කටයුතු කරනවා. නමුත් අත පෙවීම් සහිත සිස්ටම් එකක් තියෙනවා. මේ දින 28 පුහුණුව නැතිව මේක ඩිජිටල් කලොත් කොහොමද කියලා අපි අහනවා. මේක කරන්න පුලුවන් ඩිජිටල් පද්ධතිය හරහා එවිට මේ හොර වැඩ නවත්වන්න පුලුවන්. අමාත්‍යවරයා කියනවා මේක කරන්න අපි කටයුතු කරගෙන යනවා කියලා. මේක ජාවාරමක් අමාත්‍යවරයා මේ ජාවාරම් කාරයන්ට බයේ මේක පස්සට දානවා.” යැයි ඔහු සඳහන් කළා.