hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:06



මෙවර මහ මැතිවරණයේදී තරඟය තිබෙන්නේ සමගි ජන සන්ධානය සහ ජාතික ජන බලවේගය අතර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය.

සමගි ජන සන්ධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“ආර්ථික අර්බුදයට ලක්වුණ රටක ජීවත් වන ජනතාවක් ලෙස රටේ ජනතාව මේ වනවිට විශාල පීඩාවකට පත්වෙලා සිටිනවා. රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ජනතාවට සහන ලබා දෙමින් සාමකාමීව ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වීම තමයි රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. ඒ වගේම තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න, වේල් තුනට පෝෂදායි ආහාර වේලක් ලබාගන්න, ණය නොවී ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. ඒ සඳහා රටේ රාජ්‍ය ආදායම වැඩි කරලා, බදු බර අඩු කරලා, ජනතාවට සහන ලබා දිය යුතුයි කියලා සමගි ජන සන්ධානය ප්‍රකාශ කළා.

ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේ දී රටේ ජනතාවට විශාල පොරොන්දු පත්‍රයක් ලබා දුන්නා. ජනතාව මත පටවා ඇති අධික බදු බර අඩුකරන බව, භාණ්ඩවල මිල අඩු කරන බව, රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන බව, ආදායම් වැඩි කරන බව ජනාධිපතිවරයා පසුගිය දිනවල මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. ඒ වගේම රටේ අලුතින් පත්වුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට පොරොන්දු වුණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ජනතාවට ඒ සහන ලබාදීමට කටයුතු කිරීම සමග ජන සන්ධානයේ ප්‍රධාන කාර්යභාරයයි. ඒ වගේම ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන්න පොරොන්දු පත්‍රයේ ඇති වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කරවීම සඳහා වූ බලකිරීම, ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ දායකත්වය, ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ සක්‍රීය ක්‍රියාවලියට ආණ්ඩුව නැඹුරු කිරීමත් සමග ජන සන්ධානයේ කාර්යභාරයයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: