hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 04, පෙ.ව. 12:04



උතුරුමැද පළාත ඇතුළු රට පුරා උණ රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් කණ්ඩායම් වශයෙන් එක්වීම අවම කරන ලෙසත්, විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල නිරන්තරයෙන් මුඛ ආවරණ පළඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෛරස් ආසාදනයක් හේතුවෙන් ඇති වන සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ සිරුරේ වේදනාව, බව අවධාරණය කරන ඇය, සාමාන්‍යයෙන් දින කිහිපයකින් තත්ත්වය උග්‍ර වන අතර, සමහර රෝගීන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් දිගුකාලීන ශ්වසන ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකි බව සඳහන් කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසය ආසාදනය වී ඇති බවට සැකයක් පවතීනම් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස වීරකෝන් මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

නිසි ප්‍රතිකාර නොලැබීමෙන් දැඩි ශ්වසන සංකූලතා ඇති විය හැකි බවද ඇය අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: