hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 7:20



මත්තල ජාත්‍යන්තර, ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා දරණු ලැබු  ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන  තිස්හය දහස් පන්සිය හැටහතරක් වු (36,564) මුළු වියදම  ඵලදායි ලෙස භාවිතා කොට නොමැති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ දි (2021) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය  රුපියල් බිලියන 2.02ක් වු අතර  එය මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකින් වැඩිවි ඇති බව  විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඉකුත් වර්ෂයේ දි බදු ගෙවිමෙන් පසු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලැබු ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44ක්.

2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වු කාලය තුළ ලැබු ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59ක්. (මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් බිලියන 36.56ක්)

මත්තල ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද පසුගිය වසර 05 තුළ  මුළු මගි සංඛ්‍යාව 91,747ක්.

එමෙන්ම ඉකුත් වසර පහ තුළම  මුඵ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396ක්.

ගුවන් තොටුපොළ ඉදිකිරීම සදහා ලබාගත් ඩොලර් මිලියන 190ක් වු ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස  රුපියල් මිලියන 2610ක (බිලියන 2.61ක)  මුදලක් සමාගම් විසින් ගෙවා තිබු බවද විගණන  වාර්තාවේ සදහන් වෙනවා.

මෙහි මෙහෙයුම් කටයුතු හා වැඩිදියුණු කිරිම් වඩාත් කාර්යක්ෂම සහ පිරිවැය ඵලදායි ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තිරණයක් ගතයුතු  බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම  සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වෙනවා.