hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, ප.ව. 2:25



සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වනවා.

මේ වන විටත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂය සමඟ කටයුතු කිරීම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් සිදු කිරීමටයි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා තීරණය කර තිබෙන්නේ.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් මයන්ත දිසානායක පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.