hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 24, පෙ.ව. 7:35



වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ස්නායු රෝග සදහා රෝගින්ට ලබාදෙන ඖෂධ අලෙවි කල වෙලදසැල් හිමියෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සහ නුවරඑලිය දිස්ත්‍රික් ඖෂධ පාලකවරයා එක්ව සිදු කල වැටලිමකදි ඊයේ (23) නීතියේ රැහැනට කොටු කරගෙන තිබෙනවා.

හැටන් කොටගල නගර මධ්‍යයේ ඖෂධ අලෙවි කිරිම සදහා නිසි බලපත්‍රයක්ද නොමැතිව සැකකරු විසින් ඖෂධ අලෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර ඔසුසැල් හිමියා නිතියේ රැහැනට හසු කර ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ඖෂධ පාලකවරයා සහ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත් වි තිබෙනවා.

ස්නායු රෝග සදහා රෝගීන්ට ලබා දෙන ඖෂධ මත්වෙන නිසා එම ඖෂධය ප්‍රදේශයේ තරුණයන්ට අලෙවි කර ඇති බවත්, සැකකාර ඔසුසැල් හිමියා සතුව ස්නායු රෝග සදහා ලබාදෙන ඖෂධ 556 ක් තිබි තම භාරයට ගත් බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.

නිතියේ රැහැනට කොටු කරගත් ඔසුසැල් හිමියා ඇපකරයක් මත මුදා හැර ඇති අතර සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ඖෂධ පාලකවරයා පැවසුවා.