hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, ප.ව. 4:19



කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිම උඩ සඟවා තිබූ ශල්‍ය උපකරණ තොගයක් සොයාගත් බව කෝප් කමිටුවව හමුවේ අනාවරණය වුණා.

මෙම ශල්‍ය උපකරණවල වටිනාකම රු. මිලියන 8.8කට අධික බව වාර්තා වෙනවා.

අදාළ සිදුවීම පිළිබඳ එක් නිලධාරියෙකුගේ වැඩතහනම් කළ ද විධිමත් පරීක්ෂණයක් සිදු නොකර අදාළ අපරාධය යට ගැසීමේ සූදානමක් ඇති බවට ද කෝප් කමිටුව හමුවේ චෝදනා එල්ල වුණා.

මෙය එක සිදුවීමක් පමණක් බවත් යම් යම් පාර්ශ්වල වුවමනාව මත මෙවැනි සිදුවීම් තව බොහෝ ගණනක් රෝහල්වල සිදුවීමේ හැකියාව ඇති බවත් එහි දී ප්‍රකාශ වුණා.