hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 10, ප.ව. 12:02



ඖෂධ වර්ග 36ක් ‘සේවරිට්’ නම් ආයතනයෙන් ගෙන්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද, එම ඖෂධ ලංකාවේ ලියාපදිංචි ඒවා නොවන බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (09) පැවසුවා.

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධවලින් සියයට 80ක් ලංකාවේ ලියාපදිංචි ඖෂධ නොවන බව ත් ඒවා සඳහා කිසිදු ඇගැයීමක් හෝ නිර්දේශයක් නොමැති බවත් හෙතෙම සඳහන් කළා.

මෙලෙස ඖෂධ මිල දී ගැනීම සඳහා සැපැයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව ත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර ඇත්තේ ඖෂධවල තත්ත්වය හා මිල ගණන් සාකච්ඡා කළ යුතු ය යන පදනම මත බව ද ඔහු පැවැසුවා.

එසේ ම, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට ඖෂධ 270ක් ඉදිරිපත් කර ඇති නමුත් එහි අත්‍යවශ්‍ය නොවන ඖෂධ තිබෙන බවත් ලියාපදිංචියකින් තොරව ඖෂධ හදිසි අවස්ථාවකට ගෙන්වීමට අධිකාරියට පනතින් බලයක් නොමැති බවත් හෙතෙම සඳහන් කළා.

අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීමට තිබෙන මුදලින් අනවශ්‍ය ඖෂධ ගෙන්වමින් ණය ආධාර යටතේ ලැබෙන මුදල් නිරපරාදේ විනාශ වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.