2026 සැප්තැම්බර් 12, ප.ව. 2:09
ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹ දී පැවැත්වේ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ එම සංවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම සංවාදයේදී ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා, නව ආර්ථික අවස්ථා, ජාත්‍යන්තර සහයෝගිතාව, නව තාක්ෂණය, ආයෝජන සහ තිරසර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කෙරිණ .එහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී රටවල් අතර සහයෝගිතාව සහ සාමූහික ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බවයි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, මලයාසියාවේ ක්වාලා ලාම්පූර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආර්ථික පර්යේෂක ආචාර්ය අමාලි වෙදගෙදර මෙම සංවාදයට එක්වූහ.
මෙම සංවාදයට එක්වෙමින් පරිසර මහත්තය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසූ අදහස්….
අද වෙනකොට ඉතිහාසය තුළ තිබුන ස්වාධීන ආර්ථික අවස්ථා වෙනස්වී තිබෙනවා. හැමදෙයක්ම හැමෝම එකතුවෙලා තමයි කරගන්න වෙලා තියෙන්නේ. තව දුරටත් එක රටකට තනි තනිව පිළිතුරු සොයනවා වෙනුවට සමූහික යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. එක රටක වෙනස් වීමක් මුලු ලෝකයටම බලපාන්න පුලුවන්. ඒවා සෞඛ්‍ය ගැටලු වෙන්න පූලුවන්, පාරිසරික ගැටලු වෙන්නත් පුලුවන්.
මෙවැනි දේවල් එක්ක අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනකොට, අපිට කියන්න පුළුවන් 2024 වසරේදී යම් වෙනසක් සිදු වුනා. රටේ එකල පැවති අර්බුද, විශේෂයෙන්ම විදේශ විනිමය ගැටලු මේ වන විට බොහෝ දුරට අවසන්. රාජ්‍ය ආදායම වැඩි කරගන්නත් මේ වන විට පුළුවන් වෙලා තියෙනවා. අයවැය පරතරයද අඩු කරගන්නට අපිට හැකි වී තිබෙනවා. යළි නැගිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන්ට පැමිණි වසරක් ලෙස 2025 අවුරුද්ද අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම එදා පටන්, චීනය අපිත් සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ඇවිල්ල තියෙනව.
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චීන ජනාධිපතිවරයාගේ දුෂණයට එරෙහි වැඩපිළිවෙළක් අපිට අපේ රටට ගත හැකි විශේෂ ආදර්ශයක්. ඒ අතරම නව තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පාරිසරික ආරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙල අප වගේ දියුණුවෙමින් පවතින රටවල් හට ඉතාම වැදගත්.
සංවාදයට එක් වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසූ අදහස්….
මේ වන විට ලෝකය ප්‍රධාන වශයෙන් ගැටලු හතරකට මුහුණ දෙනවා. එහි මූලික ප්රවනතාවන් වන්නේ,
දැන් චීනය හමුවේ තියෙන දේ තමයි ඔවුන් උත්සාහ කරනවා හැම විටම ගෝලීය සහයෝගීතාවය තියාගන්න, වැඩි දියුණු කරගෙන ඉදිරියට ගෙනියන්න. හැබැයි මේ වන විට ලෝකයේ පවතින භූ දේශපාලනයේ යුධමය තත්ත්වයන් තුළ එම ගෝලීය සහයෝගීතාවයට යම්තාක් දුරකට බලපෑමක් එල්ල වෙලා තිබුණත් දියුණු වෙමින් පවතින රටවල් ලෝකයට එකතු කිරීමට, හැමෝම සමග ගනුදෙනු කිරීමට සංවර්ධන ණය ලබාදීම එවැනි දේවල් වලට චීනය විශාල පහසුකම් සලස්වා තිබෙනවා. මේ සඳහා නවීන තාක්ෂණය ද යොදාගන්නට චීනය අමතකක කරන්නේ නැහැ.
වැදගත්ම කාරණය වන්නේ මේ හැම දෙයක්ම සිදුකිරීමට චීනය ඉදිරිපත් වන්නේ තිරසාර සංවර්ධනයටද මුල් තැනන දෙමින්. එයයි චීනයෙන් අපට ගත හැකි ආදර්ශය.
සංවාදයට එක් වූ ආචාර්ය අමාළි වෙදගෙදර මහත්මිය පැවසූ අදහස්….
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට ගත්තම අපේ රටේ තියෙන වැදගත්ම දේ තමයි අපේ රට පිහිටි වටපිටාව. ගෝලීය දකුණ තුළ අප රට අන්තර්ජාතික වෙළඳාම සමඟ කරට කර යාම, තාක්ෂණික අධ්‍යාපනයන් හුවමාරු කරගනිමින් කටයුතු කිරීම වැදගත් දේවල් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. ඒ අතරමින් ලෝකයත් සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරනවා ශ්‍රමිකයන්ගේ ශ්‍රම බලකායෙන්.
මේ සියලු දේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා දැඩි කර ගන්නේ විවිධ ගිවිසුම් අත්සන් කරමින් ලෝකය විවිධ රටවල් සහ විවිධ සංවිධාන සමග එකතුවෙමින් වැඩ කරගෙන යමින්. අවුරුදු ගානක් පුරාවට මේ යන ගමනේ මේ මොහොතේ ශ්‍රී ලංකාව විශේෂයෙන් අවධානයට ලක්කරන්න ඕනේ බල ව්‍යුහයන් සමඟ ඝට්ටනයක් ඇති නොකර ගනිමින්, ශ්‍රී ලංකාවට හානියක් ගෙන නොදී ඉදිරියට යන්න.
මෙහි විශේෂයෙන්ම පෙන්වා දිය හැකි කාරණය වන්නේ ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදයට සහය එහි බලපෑම්වලට විරුද්ධව ඒ කාලයේ සිටම සිදුකළ දේවල් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුව පවා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මීට වසර පනහකට පෙර පැවැත්වීමයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඊට පසු නේපාලය ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල දීද ක්‍රියාත්මක වුණු අරගලය වැනි නැගිටීම් වර්තමාන ගෝලීයකරණයේ බලපෑමෙන් උත්සුක වූවක් බවට ද කියන්න පුළුවන්.
සංවාදයට එක් වූ මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා පැවසූ අදහස්…
අපි අපේ අවධානය මුලින්ම Asia Pacific Economic Cooperation සමුළුව වෙතට යොමු කළ යුතුයි. චීනය මේ අවුරුද්දේ තුන්වෙනි වතාවට එම සමුළුවට සත්කාරකත්වය දරනවා. මේ අතරම මතක් කරන්න ඕනේ චීන ජනාධිපතිවරයාගේ ගෝලීය සංකල්ප හතර මේ වන විට පිළිගැනීමට ලක්වෙලා තියෙනවා. ඒ සංකල්ප තමයි ගෝලීය ආරක්ෂක සංකල්පය, ගෝලීය පාලන සංකල්පය, ගෝලීය ජනාවාස සංකල්පය සහ ගෝලීය සංවර්ධන සංකල්පය. ඓතිහාසිකව ගත්තත් අද වර්තමානය ගත්තත් ශ්‍රී ලංකාව සේද මාවතේ ඉතා වැදගත් ස්ථානයක්. වර්තමානයේ චීනය විසින් දියත් කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේත් ශ්‍රී ලංකාව වැදගත් දිශාවක ගමන් කරමින් හි ප්රතිලාභ ලබා ගන්නට සමත් වෙලා තියෙනවා.
චීනයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් වලට ගත හැකි වැදගත් පණිවිඩයක් තමයි ඔවුන් කවදාවත් වුවමනාවෙන් ගැටුම් ඇති කරගන්නට සහ ගැටුම් වලට සම්බන්ධ වන්නට යන්නේ නැහැ. හැමවිටම චීනයට ඇත්තේ “ජය ජය” සංකල්පයක්. ඔවුන් හැමවිටම කටයුතු කරන්නේ තමන්ටත් ජයග්‍රහණයක් ලැබෙන පරිදි සහ ඔවුන් සම්බන්ධ වන ලෝකයේ අනිත් රටවල් වලටත් වැඩිදුර දෙයක් ලබා ගන්නට හැකි ලෙසයි.
චීනය විසින් අත්සන් කරන ලද අන්තර්ජාතික වෙළද ගිවිසුම් ගත්තහම ශ්‍රී ලංකාව සමඟ 1952 දී අත්සන් කරන ලද රබර් සහල් ගිවිසුම ඔවුන්ගේ මුල්ම වෙළඳ ගිවිසුම් අතරින් එකක් විදිහට අපිට මතක් කරන්න පුළුවන්. ඒ ගිවිසුම තුළින් බලන්න, චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් ලැබීම තුළින් ශ්‍රී ලංකා ජනතාවගේ බඩගින්න නිවීමත් චීනය සහල් වලට නව වෙළඳපොළක් ද ඇතිවුණා. ඒ අතරම ශ්‍රී ලංකාව චීනයට රබර් ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ රබර් වෙනුවෙන් වෙළඳපොලක් ඇතිවුණා.
මේ තුළින් අපට පෙනී යන්නේ චීනය සැමවිටමින් කටයුතු කරන ජය ජය සංකල්පය තුළ ගෝලීය සංවර්ධනය නිරායාසයෙන්ම සිද්ධවෙන බවයි.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:15
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:27
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:24
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:22