hit counter

2026 සැප්‍තැම්‍බර් මස 11 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:24



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත ඉකුත් වසර හයක කාලය තුලදි (2020 -2025)  රුපියල් මිලියන 270.47ක් වු මුල්‍ය  වංචා 181ක් වාර්තා වි ඇති බැව්  අනාවරණය වි ඇත.

මෙකි මුල්‍ය වංචාවන්ට අදාළ සිද්ධින් 58කට අදාළව  මුදල් රෙගුලාසි 104 පරික්ෂණයෙන් පසු රුපියල් මිලියන 42.51 ක මුදලක් අයකරගෙන ඇත.

කෙසේවුවද රුපියල් මිලියන 56.19ක් වු මුල්‍ය වංචා 05කට අදාළ  කටයුතු අවසන්කර නොතිබුණි.

මෙකී මුල්‍ය අක්‍රමිකතා 2014 ජනවාරි මස සිට  2019 දක්වා කාලය තුල  බැංකු හා බැංකු සමිතිවල සිදුවි ඇති බවද අනාවරණය වි ඇත.

සමෘද්ධි බැංකු පද්ධතිය තුල පවතින අඩුපාඩු , විනය නියෝග තුළින් දඩුවම් ලිහිල්කිරිම යන හේතු නිලධාරින් විසින් දිගින් දිගටම මුල්‍ය වංචා සිදුකිරිමට හේතුවි ඇති බවද අනාවරණය වි ඇත. 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට  ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: