hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:12



ජනාධිපති අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ජනතාවට සහන දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරනවා.

මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කළා.

එම මාසය තුළ ජනතාවට සහන නොදී තවදුරටත් රට පාලනය කරන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුව එළවා දමන බවද උන්වහන්සේ කියා සිටියා.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න. ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා. මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ.”