hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 27, පෙ.ව. 12:15



මිහින්තලය පුදබිම කේන්ද්‍රකරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම, පාලන තන්ත්‍රයේ වගකීමක් බව පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.

නමුදු උන්වහන්සේ ප්‍රකාශ කරනුයේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි දායකත්වයක් ලබා දී නොමැති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියා,

“රටේ තත්වය දන්නවා. මූල්‍ය අර්බුදයක් තියෙනවා මේ රට තුළ. ඉතින් පරිපාලනයේ ඒ මුල්‍ය කළමනාකරණය කළ යුතුයි. නමුත් ඒ පිටම දාලා අනෙකුත් නාස්තිකාර වියදම් බොහෝ කරනවා. නමුත් මේ වගේ පූජනීය කටයුත්තකට ලංකාවේ සිව්දෙස සිව් කොනින් මේ ස්ථානයට පැමිණෙනවා. ඉතින් අපි මුදල් හදල් ඉල්ලන්නේ නැහැ. යුතුකමක්, වගකීමක් තිබුණා, පාලනය කරන ඇත්තන්ට අපි මේ අමාරුවෙන් මේක ගැට ගහගෙන යන්නේ. ඒ හින්දා අපි මේ නිලධාරීත් එක්ක කතාබහ කරලා, සාකච්ඡා කරලා, අපි මේක කෙසේ හෝ අවම පහසුකම් වලින් සංවිධානය කරමු කියන එක අද වෙන තුරාවටවත් රට පාලනය කරන ඇත්තෝ කිසි කෙනෙක් මේ කෙරෙහි නැඹුරුවක්, සැලකිල්ලක්, යුතුකමක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් කියන එක තේරුම් අරන් නැහැ. දැන් වුණත් ඔබතුමාලට පේනවා ඇති අඳුරේ තියෙන්නේ මේ භූමිය. එළියේ තියෙන දුරකතනයක් නැත්නම් කෑලි තුනේ ටෝච් එකක් හරි, නැත්නම් පන්දමක් හරි, හනස්සක් හරි අරගෙන එන්න වෙනවා මේ පොසොන් එකට. ඉතින් මට හිතෙනවා සමහර වෙලාවට අයි. එම්. එෆ්. එකෙන් මේවා පාලනය කරනවද දන්නේ නැහැ. මොකද ආණ්ඩුක් රම ව් යවස්ථාව පෝෂණය කරලා, මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සුරක්ෂිත කරන්න කියලා තියෙනවා.”