hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:04



තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ භටයින් දෙදෙනෙකු යොදවා තිබූ බවත් ඉන් එක් සැකරුවෙකු මිහින්තලා පුදබිමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ  බවත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ මිහින්තලේ හිමි,

“රටේ කියනවා එක එක කතා මාව දැනුවත් නෑ. මේ නිලධාරීන් දෙන්නා ආවේ මොකටද කියලා දන්නේ නෑ. මේ උසස් නිලධාරීන් කවුරුත් දන්නේ නෑ. එතකොට දැන් සති තුනක් වෙනවා. හැබැයි මේක නොච්චියාම කැම්ප් එකේ මේ නිලධාරියා මම උපකල්පනය කරනවා ආණ්ඩුව කරවන හෝ දේශපාලඥයින් සතුටු කරන්න මේ කටයුත්ත කරන්න සුදානම් වුණා. මොකද මෙතන පොලීසිය ඉන්නවා හැමෝම ඉන්නවා. මාව මරණවා කියලා, බෝම්බ ගහනවා කියලා මට තර්ජනය කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලින් එහෙම කියලා තියෙනවා. දුරකථන මඟින්, වට්ස්ඇප් මඟින් කප්පම් ඉල්ලලා තියෙනවා. සල්ලි ඉල්ලලා තියෙනවා, මරණවා කියනවා. විවිධ ස්වභාවයන්ගෙන් තියෙනවා. මාව මරන්නනේ ඕන ඇත්තේ කට්ටියට. ඇත්ත කතා කරන නිසා.

අද දවසේ මේ භූමියේ තියෙන අනහස, බලය, ශක්තිය නිසා, අපි නිවැරදි නිසා කෙසේ හෝ ආකාරයෙන් මේ සැකය ඇති වුණා. මේ හමුදාවේ භටයෝ දෙන්නෙක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මෙයාලා දැන් එක එක කතා කියනවා. කිසිම කෙනෙක් මේ සිද්ධිය දන්නේ නෑ. සති තුනක් වෙනවා මෙයාලා ඇවිත්. එක්කෝ මම කන එකට වහ ටිකක් දාලා දෙයි. නැත්නම් මට වෙඩි තියලා, කොයි පැත්තකින් හරි බහින්න පුළුවන් තැනකින් යන්න තමා මෙයාලා ඇවිත් තියෙන්නේ. අද රාජකාරියේ හිටිය පොලිසියේ, සිවිල් ආරක්ෂක දරුවන්ට ස්තූතිය පුදකරනවා. මැරුවට කමක් නෑ. අපි ජනතාවගේ පැත්තේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: