hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 24, ප.ව. 9:38



ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පෙරටු කර ගත් මහා සංඝවහන්සේ අද මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියා.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා රජයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොමැති බව මිහින්තලා හිමියෝ ප්‍රකාශ කළා.

ඉතිරි මුදල් සොයාගැනීම සඳහා පිඬුසිඟා වඩින බව නා හිමියෝ ප්‍රකාශ කළා.

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන මිහිදු පෙරහැර සදහා පමණක් රැපියල් ලක්ෂ 130 ක් වියදම් වන බව අද දින මිහින්තලේ රජමහා විහාරයේ මැද මළුවේ පැවති පොසොන් කමිටු රැස්විමේදි උන්වහන්සේ පැවසුවා.

ඒ සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් රැපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවද ඉන් ලබාදි ඇත්තේ රැපියල් ලක්ෂ තිහක මුදලක් පමනක් බවත් රජය පොසොන් රාජ්‍ය උත්සවය පැවැත්විම සදහා කිසිදු උනන්දුවක් නොදක්වන බවටත් උන් වහන්සේ මෙහිදි චෝදනා කළා.

ඒ අනුව මෙසේ මහා සංඝරත්නය මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියා.