hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 24, පෙ.ව. 3:08



පොසොන් උත්සවය සඳහා රජය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් ඉකුත් ඉරිදා සිය අප්‍රසාදය පළ කර සිටියා.

ඒ උතුරු මැද පළාත් වැඩ බලන ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරුන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී.

ඊයේ පෙරවරුවේ උන්වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ පොසොන් උත්සවය සඳහා වෙන් කළ මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා පිණ්ඩපාතය ඉතිරි මුදල සොයා ගැනීමට කටයුතු කරන බවයි.

“මේ පිංකමට අපි හිතන හැටියට ලක්ෂ විස්සකට එහා ජනතාවක් සහභාගී වෙනවා. 2019 අවුරුද්දේ මේ පොසොන් පිංකම ගැසට් කරලා තියෙනවා. ඒ වගේම විහාරය ජාතික උරුමයක් හැටියටත් ගැසට් කරලා තියෙනවා. රාජ්‍ය උත්සව දැන් ලේකම්වරයා මට කියනවා බුද්ධසාසන අමාත්‍යංශයේ පෙරහැරට මිලියන පහක් දීලා තියෙනවා. ඒකේ ගැසට් එකෙන් පල්ලෙහා බැහැලා දැන් තුනයි දෙන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමාට දිස්ත්‍රික් ලේකම්තුමාට නෙමෙයි. එතුමාලා ගණන් හදලා බලලා තියෙනවා අලි ඇත්තු නැතුව, පන්දම් කොප්පරා නැතුව නැටුම් කණ්ඩායම් ටිකට විතරක් අඩු කරලා නැත්නම් ලක්ෂ පනස් හතක් යනවා. සම්පූර්ණ එකතුව ලක්ෂ එකසිය තිහක් යනවා. ඒවා අඩු කරලා ඒත් ලක්ෂ තිස් තුනක් වෙනවා.

දැන් ඒ පෙරහැර කරන්න පුලුවන්ද එහෙම? මේන් ආණ්ඩුවේ සැලකිල්ල. මිහිඳු හාමුදුරුවන්ගේ දක්වලා තියෙන අනුග්‍රහය ඉතින් ඒ හින්දා හෙට දවසේ ඉඳලා පිණ්ඩපාතයේ ගිහිල්ලා රුපියල ශත පනහ එකතු කරලා ඒ ආලෝක පූජාවත් මම කොහොමහරි කරනවා. ඒ වගේම පෙරහැරත් කොහොමහරි අලි ඇත්තු ටිකක් දාගෙන, ඒ ලංකාවේ පළවෙනි පෙරහැර හැටියට, මිහිඳු මහරහතන් වහන්සේට ගෞරවය හැටියට මේ උතුම් පැවැත්වීම සඳහා ඔබගේ සහයෝගය, ආධාරය ලබාදෙන්න.”

මිහින්තලා රජමහා විහාරයේ දායක සභා සාමාජික උපාලි ආනන්ද මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“පොසොන් උත්සවයේ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැති, ඒ අවස්ථාවක දායක සභාව වශයෙන්, නායක හාමුදුරුවෝ එකතුවෙලා, අපි හෙට ඉඳලා මෙන්න මේ කැටෙත් අරන් අපි, නගරයේ ගම් ගානේ ගිහිල්ලා අපි එකතු කරලා කොහොමහරි මේ පෙරහැර අපි කරනවා කියන විශ්වාසය අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”