2026 ජූනි 23, ප.ව. 9:55
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්‍රී මිලින්ද මොරගොඩ මහතා විසින් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් අද (23) පවත්වන ලදී.
මෙම හමුව සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රතිපත්ති විශේෂඥයන්, ප්රමුඛ ව්‍යාපාරික නායකයන්, සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අංශ නියෝජනය කරන පිරිස් සහභාගී වූ අතර, දේශීය හා කලාපීය වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් නිර්මාණාත්මක සංවාදයක නිරත වූ බව ප්‍රකාශයට පත් කරයි
මෙම අවස්ථාවේදී තම අදහස් දක්වමින් සහකාර රාජ්‍ය ලේකම් කපූර් මහතා, ආරක්ෂිත හා සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් ප්‍රවර්ධනය කිරීමේදී කුඩා සමුද්‍රීය රාජ්‍යයන්ගේ භූමිකාව පිළිබඳ සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. එමෙන්ම වර්තමාන භූ-දේශපාලනික හා ආර්ථික වර්ධනයන්, කලාපීය සම්බන්ධතා, සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ වැඩිදියුණු කළ සහයෝගිතා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
මෙම හමුව, මතුවෙමින් පවතින අභියෝග, අවස්ථා සහ තිරසාර ආර්ථික වර්ධනයක් මෙන්ම කලාපීය ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට වේදිකාවක් බවට පත්විය. අන්තර්ක්‍රියාකාරී සංවාදය මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින ගතිකත්වයන්ට මුහුණ දීම සඳහා හවුල්කාරිත්වය, දැනුම හුවමාරුව සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙම අවස්ථාවේදී අවධාරණය කරන ලදී.
පාත්ෆයින්ඩර් පදනම ශ්‍රී ලංකාවේ ප්රමුඛ ස්වාධීන චින්තන කේන්ද්‍රයක් ලෙස අඛණ්ඩව කටයුතු කරමින්, ජාතික, කලාපීය සහ ගෝලීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ දැනුවත් සංවාද ප්‍රවර්ධනය කිරීම සහ අදහස් හුවමාරුවට පහසුකම් සැලසීම සිදු කරයි. එහි වැඩසටහන් සහ සම්බන්ධතා ක්‍රියාකාරකම් හරහා, ප්‍රතිපත්තිමය සංවාදවලට දායක වීමත්, වර්තමාන අභියෝග හා අවස්ථා පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීමත් එහි අරමුණ වේ.
ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (වැඩ බලන) ඇන්තනී ප්රිනෝට්, බි්රතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැටි්රක් නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ලංකා වානිජ මණ්ඩලයේ සභාපති කි‍්‍රෂාන් බාලේන්ද්‍ර, බ්රැන්ඩි්රක්ස් ප්‍රධාන විධායක අශරෝෆ් ඔමාර්, කැපිටල් මහාරාජා විධායක අධ්‍යක්ෂක නිමල් කුක්, ඉන්දියන් විධායක නිලධාරී සංසදයේ ප්‍රධාන විධායක ක්‍රිෂෝර් රෙඩ්ඩි, ශ්‍රි ලංකා වෙලාරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් රොහාන් ජෝෂප් සහ ලරන් ඒෂියා හි ප්‍රධාන විධායක රොහාන් සමරජීව යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2026 ජූනි 23, ප.ව. 12:07
2026 ජූනි 23, පෙ.ව. 11:48
2026 ජූනි 23, පෙ.ව. 10:39
2026 ජූනි 23, පෙ.ව. 10:00
2026 ජූනි 23, පෙ.ව. 9:57