hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 24, ප.ව. 7:41



ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද (24) ඉන්දියාවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතින් ගඩ්කාරි හමුව සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර හමුව ඉතා සුහදව පැවති අතර, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව සහ හවුල්කාරිත්වයට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

මහාමාර්ග අංශයේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ ඉන්දියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට මහ කොමසාරිස් මොරගොඩ අමාත්‍ය ගඩ්කාරිගේ සහාය ඉල්ලා සිටි අතර මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්වකරුවන් සමග හුවමාරු කරගත හැකි පදනමක් සැකසීමට ද ඔහු යෝජනා කළා.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සඳහා ඉන්දීය ආයෝජකයින් දිරිමත් කළ හැකි බව ද මොරගොඩ විසින් මෙහි දී සදහන් කරනු ලැබුවා.

ඉන්දියාව 2047 වන විට සංවර්ධිත ආර්ථීකයක් බවට පත්වීමේ අරමුණින්, අධිවේගී මාර්ග සහ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර පසුගිය දශකය තුළ ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය ඉදිරි මූල්‍ය වර්ෂය වන විට වාර්තාගත රුපියල් ට්‍ර්ලියන 10 දක්වා ඉහළ යනු ඇති.