hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:41



ලබන 15 වැනිදා වන විට ඉන්ධන මිල සූත්‍රය පිළිබද තීරණය ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම තීරණය ගැනීමට මුදල් අමාත්‍යංශයට පවරන බවයි.

නව මිල සූත්‍රයක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.

මිල සූත්‍රය හඳුන්වා දුන්නේ ඉන්ධන සඳහා යන පිරිවැය පියවා ගැනීමට බවත් පසුගිය සතියේ භූමිතෙල් මිල සංශෝධනය කළ පසු සෑම ඉන්ධන වර්ගයක්ම ආනයනය කරන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සඳහා එම මිල සහතික කර ඇති බවත් ඔහු සඳහන් කළා.

පසුගිය කාලයේ සිදුවූ අලාභයන් නිසා එක පාරම ඉන්ධන මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අද අඩුවන විට එය අද දවසේ මිල සූත්‍රයට ඇතුලත් කළ නොහැකි බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නා.

පෙට්‍රල්, සුපර් පෙට්‍රල් සහ සුපර් ඩීසල් වලින් මේවන විට ලාබ ලබන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඩීසල් සහ භූමිතෙල් වලින් තවමත් පිරිවැය සහ සාමාන්‍ය මුදලක් තිබෙන බවත් කියා සිටියා.