hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 14, ප.ව. 3:16



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් සිව්දෙනෙකු අද(14) පස්වරුවේ පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ඒ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහායි.

ඒ අනුව කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් වන්නේ,

01. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස්
02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
04. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර