hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 7:19



අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දින පවත්වන ලද තරග විභාගයේ ප‍්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන්.

එය අප්‍රේල් මස 29 වනදා සිට මැයි 09 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව එම අමාත්‍යංශය සඳහන් කළා.

කෙසේ වෙතත්, සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: