hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 16, ප.ව. 4:47



මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර පසුගියදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මේ බව සඳහන් කළා.

ඒ, අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙන අතර වැඩි තොරතුරු අවශ්‍ය සිසුන් ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ගෙන් විමසිය හැකි බවත් සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: