hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2026 ජනවාරි 21, ප.ව. 6:11



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීනු ගුණසිංහ නම් නවක දේශපාලන ක්‍රියාකාරිනියක පැවැත්වූ මාධ්‍ය හමුවකදී පහත අදහස් පළ කර තිබේ.

“අපි පහුගිය දවස් ටිකේ පොදුජන තරුණ පෙරමුණේ වැඩකටයුතු ආයෙම පණගන්වන්න ලොකු වැඩපිළිවෙලක් ලෑස්ති කරගෙන ගියා. ඒකේ පළවෙනි පියවර විදිහට කැලණිය ආසනයේ කිරිබත්ගොඩ තරුණ සමුළුවක් තිබ්බා. ඉතින් ඔය සමුළුවේදී කතා කරන්න මටත් ආරාධනාවක් ලැබුණා. හැබැයි ඒ වෙලාවේ මම කරපු කතාව අරගෙන, ඒක විකෘති කරලා මාලිමා ආණ්ඩුවේ මඩ බලකාය සෝෂල් මීඩියා හරහා මට මඩ ගහන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඕක එයාලගේ හැටි කියලා අපි දන්නවනේ.

විශේෂයෙන්ම කියන්න ඕනේ අර සුදත් තිලකසිරි කියලා කෙනෙක් ඉන්නවා, එයා එයාගේ යූටියුබ් චැනල් එකේ කුණුහරප කියාගෙන අපේ කටවල් වහන්න හදනවා. මේ ඔක්කොම මෙහෙයවන්නේ පැලවත්තෙන්. මට අහන්න තියෙන්නේ, අපේ හරිනි අගමැතිතුමිය කාන්තා අයිතිවාසිකම් ගැන, කාන්තා හිංසනය ගැන ලොකුවට කතා කරනවා නේද? එතුමියට පොඩි දෙයක් කිව්වම ඒක දරාගන්න බැරි නම්, ඇයි අනිත් පැත්තේ දේශපාලනය කරන කාන්තාවන්ට මෙහෙම පහත් විදිහට බනිනකොට ඒවා හොඳයි කියන්නේ? මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් මාලිමාවේ අයට විතරද?

මේ රටේ ව්‍යවස්ථාවෙන් ඕනම කෙනෙක්ට තමන් කැමති දේශපාලන මතයක ඉන්න අයිතිය තියෙනවා. ඒ හින්දා මේ මඩ බලකාය දාලා අපේ කටවල් වහන්න අපි ඉඩ තියන්නේ නෑ. මම කියන්නේ, ඔය අයට සල්ලි දීලා කුණුහරප කියවන්න කලින්, ජාතික ජන බලවේගයේ ලොකු තැන්වල ඉන්න අය පොඩ්ඩක් හිතන්න ඕනේ තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා ගැන. ගෙදර අයට සලකන ගෞරවයෙන්ම රටේ අනිත් කාන්තාවන්ටත් දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනේ. උඩින් එන ඕඩර්ස් වලට බය වෙලා අපි නම් කටවල් වහගෙන ඉන්නේ නෑ.

මේ ඔක්කොම කෑගැහිල්ල පටන් ගත්තේ මම නාමල් රාජපක්ෂ මහත්තයා ගැන කියපු කතාවක් අල්ලගෙනනේ. මම කිව්වේ නාමල් රාජපක්ෂගේ දැක්ම තියෙන්නේ අවුරුදු 10ක් 15ක් “ඉස්සරහින්” (Ahead) කියලා. මුන් ඒක තේරුම් ගත්තේ “ඉස්සෙල්ලා” (Ago) කියලා. එක්කෝ මුන්ගේ සාක්ෂරතාවයේ අවුලක්, නැත්නම් ඉරිසියාව. හැබැයි ඉතින් කොහොම බැලුවත් 2015ට කලින්නේ මේ රටේ ලොකු වැඩ ටික වුණේ. අද ආණ්ඩුව පාවිච්චි කරන්නෙත් එදා හදපු හයිවේ ටිකයි, පෝට් සිටි එකයිනේ. ඒ හින්දා අපි ගාව තියෙන්නේ අනාගතයට ගැලපෙන, ටෙක්නොලොජි එකත් එක්ක යන දැක්මක්.

අපි බලාපොරොත්තු වෙනවා 2029 වෙනකොට මේ රටේ තරුණයන්ට හොඳ තැනක් හදලා දෙන්න. දැන් මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න හදනවා. අපි කියන්නේ ප්‍රතිසංස්කරණ කරන එක හොඳයි, හැබැයි ළමයින්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලයි. 2015දී අපි තමයි ටෙක්නොලොජි විෂය ඉස්කෝල වලට ගෙනාවේ. අන්න ඒ වගේ ලෝකෙට ගැලපෙන, අලුත් දේවල් එක්ක යන අධ්‍යාපනයක් තමයි ඕනේ. අපේ ළමයි අපිව පහු කරගෙන දියුණු වෙනවා නම් අපි කැමතියි.

අනිත් එක තමයි දැන් මේ ආණ්ඩුවට බුද්ධාගමයි ඉතිහාසයයි ටිකක් අමතක වෙලා වගේ. ජනාධිපතිතුමා යාපනේ ගිහින් පන්සල් ඉඩම් ගැන එක එක කතා කියනවා. ශ්‍රී මහා බෝධිය, නාගදීපය වගේ තැන්වල ඉතිහාසය අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම හාමුදුරුවරුන්ව හිරේ දාන එක, අපහාස කරන එක අපි අනුමත කරන්නේ නෑ. ආගමක් ජාතියක් නෑ කියලා මේ තරුණ ළමයින්ගේ ඔළුවලට දාන්න හදනවට අපි විරුද්ධයි. අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය රැකගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. බුදු දහමේ කියනවා වගේ තමන්ව උපමා කරගෙන අනිත් අයටත් ගරු කරන දේශපාලනයක් තමයි අපි කරන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: