hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 8:25



මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පෙරේදා (06) පෙරවරු 7.00 ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සරුංගල් යැවීමේදී දෙපිරිසක් අතර වසර 05 ක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම සරුංගල් ආරවුල හේතුවෙන් වසර පහකදී පුද්ගලයන් හත් දෙනෙකු (7) ඝාතනයට ලක් වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර පලායමින් සිටි පාතාල සාමාජිකයන් තිදෙනෙක් ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තා.

ඝාතකයන් මගී ප්‍රවාහන බස් රථයක නැගී අනුරාධපුරයට පලායමින් සිටියදී එම බස් රථය ලුහුබැඳ ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල නායකයකුගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත මෙම ත්‍රිත්ව ඝාතනය සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පාතාල සාමාජිකයන් තිදෙනා මිනුවන්ගොඩ පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: