hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 10, ප.ව. 2:33



මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පියකු සහ පුත්‍රයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් සහ තවත් සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා.

ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකු විසින් ලබා ගත් මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ත්‍රිත්ව ඝාතනය සිදු වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා පාතාල සාමාජිකයන් පස්දෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයකු පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට තිබෙනවා

තමන් පොලිසියෙන් බව කියමින් නිවසේ දොර විවෘත කරගෙන ඇති පාතාල මැරයන් පසුව පියාට සහ පුත්‍රයන් දෙදෙනාට ටී 56 අවියකින් වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයා විසින් බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම ඝාතන සිදුකර ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ක්‍රියාත්මකවන පාතාල කල්ලියකට සම්බන්ධ සාමාජිකයන් විසින් බව ද හෙළිවී තිබෙනවා.

ත්‍රිත්ව ඝාතනය සිදු කළ කුලී ඝාතකයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: