2023 ජූලි 29, ප.ව. 4:49
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී තිබෙනවා.
අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් අනෙක් සිසුවිය ඊයේ පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.
වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය පොලීසියත් වැලිවේරිය පොලීසියත් පරීක්ෂණ සිදු කරනවා.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16