hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 14, ප.ව. 9:10



මාලදිවයින් කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බවයි.

දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාහැකි බව මාලදිවයින් කතානායකවරයා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සිටියා නම් ඔහුගේ ජීවිතයට මතුවන තර්ජනය හේතුවෙන් කිසිවිටකත් ඉල්ලා අස්වීම නොදෙන බව ඔහුගේ පණිවුඩයේ සඳහන්.

එබැවින් මාලදිවයින් රජය අවස්ථානුකූල මැදිහත්වීමක් සිදු කළ බව ඔහුගේ අදහස වන්නේ යැයි එම පණිවුඩයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා ජනතාවට සුබ පතමින් එම ට්විටර් පණිවුඩය අවසන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: