hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 10, පෙ.ව. 6:11



ඛණිජ වැලි සමාගම විසින් කෝකිලායි ඛණිජ වැලි ව්‍යාපෘතිය සදහා රුපියල් තුන්කෝටි අනුතුන් ලක්ෂ තිස්නම දහස් හාරසිය හැත්තැතුනක් (39,339,473) වටිනා වත්කම් යන්ත්‍රාගාරය සදහා මිලදී ගෙන තිබූ අතර එම වත්කම් සියල්ල දැනට වසර 09 පමණ කාලයක සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිශ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 2.25 මිලකට මිලදිගත් ඉඩම නිසි පරිදි පවරගෙන නව යන්ත්‍රාගාරයක් ඉදිකිරිමටත් පෙර 2013 වර්ෂයේ අගෝස්තු මස යන්ත්‍රාගාරය සදහා මෙකි වත්කම් මිලදි ගෙන තිබුණා.

මිලදී ගෙන තිබු වත්කම් සියල්ල පුල්මුඩේ යන්ත්‍රාගාරයේ  වෙනත් ස්ථානවල ස්ථාපිත කොට නිශ්කාර්යව පැවතුණා.

මෙම ව්‍යපෘතිය ආරම්භ කිරිමට පෙර 2015 වර්ෂයේ දි සේවකයින් 117 දෙනෙකු බදවාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ අරමුණ වුයේ ඛනිජවැලි ලබා ගැනිම, එහි නිෂ්පාදනය වැඩිකිරිම, නිෂ්පාදනයට එකතු කළ අගයක් ලබාදිමයි.

මෙහි ඉදිකිරිම් සදහා ක්‍රියාකාරි සැලැස්මේ රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කොට තිබුණා.

එහෙත් 2022 වර්ෂයේ ජූලි මස අවසන් වනවිටත් ව්‍යාපෘති යෝජනාව සකස්කර අවසන් කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සදහා ඉදිරිපත් කොට නොතිබුණා.

ව්‍යාපෘති යෝජනාව සකස්කර නොමැති වුවද ව්‍යාපෘතිය වෙනුවෙන් ඉකුත් වර්ෂය (2022)අවසන්වන විට එක්කෝටි හැත්තැහත්ලක්ෂ හැටහත්දහස් පන්සිය හතරක (17,767,504)  වියදමක් දරා තිබුණා.

2022 වර්ෂයේ දි ව්‍යාපෘති යෝජනාව සකස් කිරිම සදහා භාර දුන්නද, අදාල කාල පරිච්චේදය තුල වාර්තාව නොලැබුණු බව  සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

යෝජිත යන්ත්‍රාගාරයට වෙන්කරනු ලැබු ඉඩමෙන් කොටසක් වර්ෂා කාලයේ දි ජලයෙන් යටවන නිසා කණින ලබන වැලි ගබඩා කිරිම සදහා යෝජිත එම ඉඩමේ පස් පිරවිමේ ව්‍යාපෘති යෝජනාව සකස් කිරිමට පෙර සිටම සිදුකරන බව කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.