hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 03, පෙ.ව. 12:04



දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මකව පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් එම පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කරයි.

සභාපති උපුල් රෝහණ තවදුරටත් සදහන් කළේ,

” තරු පන්තියේ හෝටල්වලට පවා දුරකථන ඇමතුම් දීලා කොට්ඨාසභාර මහජන පරීක්ෂකවරු ලෙස අඟවමින් මුදල් ඉල්ලා සිටිනවා. ඇතැම් ව්‍යාපාරිකයින් රැවටිලා මුදල් බැංකු ගත කළ අවස්ථා රැසක් තියෙනවා. මෑත කාලයේ විශාල පැමිණිලි සංඛ්‍යාවක් පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා.

ව්‍යාපාරිකයින්ට කියන්නේ දුරකථන ඇමතුමක් දීලා ඔබගේ ආහාර පරියන්ත ආයතනයට බලපත්‍ර ලබාදීමට, නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීමට හෝ එවැනි ඕනෑම කටයුත්තක් අනීතිකව සිදුකිරීමට මුදල් ඉල්ලා සිටී නම් ඔබ කළ යුත්තේ ළඟම පොලීසියට පැමිණිලි කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: