hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 22, පෙ.ව. 12:06



මෙරට සාමාන්‍ය සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් 9%ක පොලි අනුපාතයක් ගෙවීමටත් මහබැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් 29%ක පොලී අනුපාතයක් ගෙවීමටත් එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේ ලේකම් සමන් ඒකනායක මහතාට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර ලැබ ඇත්තේ  මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ඇතුළු පිරිසකි.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලිනි.

අගෝස්තු 30 වැනිදා මෙම පෙත්සම් නැවත කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: