hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2022 ජූලි 08, පෙ.ව. 10:09



විදේශ ගමන් බලපත්‍රය ලබා බලපත්‍රය ලබා ගැනීම සඳහා පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව පෝලිමේ රැඳී සිටි ගැබිණි කාන්තාවක ඊයේ (07) දරුවෙකු ප්‍රසූත කළා.

හැටන් සිට තම සැමියා සමග පෙරේදා රාත්‍රී ගමන් බලපත්‍ පෝලිමට පැමිණ රැදී සිටියදී ඊයේ (07) උදෑසන මෙම කාන්තාවට ප්‍රසූත වේදනාව දැනී ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරීන් ඇය කාසල් රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

ඇය එම රෝහලේදී ගැහැණු දරුවෙකු ප්‍ර්‍රසූත කළ බවත් දරු ගැබට සති 22ක් වයසැති බැවින් බිලිදිය මේ වන විට නොමේරූ ළදරු ඒකකයේ ඉන්කියුබේටරයේ තබා ඇති බවත් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

දැරිය පිළිබඳ වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු කර ඇති බවත් මව සුවෙන් පසුවන බවත් අධ්‍යක්ෂකවරයා තවදුරටත් සදහන් කර තිබෙනවා.