hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 1:21



ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ‍ උප සභාපති පොහොට්ටු මන්ත්‍රී ජයවීර මාතරආරච්චි මහතා අද පෙරවරුවේ ඇඹිලිපිටිය පොලිස් වසමේ ගොඩවෙල මංසන්ධියේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළ බව වාර්තා වෙනවා.

එම සත්‍යග්‍රහයට සහයෝගය දැක්වීම වශයෙන් තවත් පිරිසක් එම ස්ථානයේ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක් පළ කරන ආකාරය දක්නට වූ බවද වාර්තා වෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ගොඩවෙල නොගහ යාය වසර 40ක් පැවති උප තැපැල් කාර්යාලය කිසිදු දැඩි අපහසුතාවයන් අපහසුතාවක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් හැකි ඉක්මනින් උප තැපැල් කාර්යාලය එම ස්ථානයේ පිහිටුවා දෙන ලෙසයි.

මේ හේතුවෙන් අසරණ වකුගඩු දීමනා ලබන සහ වෙනත් දීමනා ලබන ජනතාව විශාල මුදලක් ගෙවා ඕමල්පෙට සහ පනාමුර යන ප්‍රදේශවල උප තැපැල් කාර්යාලයට යා යුතු බවත් එමගින් ඔවුන්ට ඉතිරියක් සිදු නොවන බවයි.

ඔවුන් ගන්නා දීමනා සියල්ලම බස් වලට වියදම් කිරීමට සිදුවෙන බවත් එසේ නොමැතිනම් පුවත් පුද්ගලික වාහනය ගමන් කරන්නේ නම් එම දීමනාවට වඩා වැඩි මුදලක් වාහනවලට ගෙවීමට සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගොඩවෙල නුංගහයාය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනාධිපතිවරයා ඇතුලු සියලු දෙනාම දැනුවත් කර ඇති බවත් තැපැල්පති කිසිදු පියවරක් ඒ සම්බන්ධයෙන් ගෙන නොමැති බවත් ඒ හේතුයෙන් දින තුනකින් පිලිතුරක් නොලැබෙන්නේ නම් මාරාන්තික උපවාසයේ යෙදෙන බව උප සභාපති ජයවිර මාතර ආරච්චි පවසනවා.