hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 9:45



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බාධාවකින් තොරව සහභාගිවීම සඳහා ඉකුත් මස 19 සහ 20 යන දිනයන්හි අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර එසේ ලබාදී ඇති මන්ත්‍රීවරුන් පස්දෙනකු සඳහා තවත් මාස දෙකක කාලයක් වාහන ලබා දීමට තීරණය වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් සදහා විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා තෙක් තවත් මාස දෙකක කාලයක් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබාදීම වැදගත් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.