hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 7:37



දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප වෙතට ඊයේ (11) දින වව්නියාවේදී කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කොට විරෝධතාවක නිරත වීමට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුණා.

වව්නියාව තැපල් කාර්යාලය අසල අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් තමන්ට විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 1120 පිරීම හා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මෙම විරෝධාතාවය සංවිධානය කොට තිබුණා.

දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුලු සෙසු සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමේදී සහ ජාත්‍යන්තරය හමුවේ උතුරු නැගෙනහිර යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් කිසිදු අයුරකින් මැදිහත් වීමක් නොමැතිව කටයුතු කිරීම දෙමළ ජනතාව රැවටීමක් බව පවසා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වූවා.

විරෝධතාවයෙන් අනතුරුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දෙමළ දේශපාලඥයින්ගේ රූප ඇතුලත් බැනර් කිහිපයක් වෙතට කුණු තක්කාලි වලින් පහර දී සිය විරෝධය පල කිරීමද විශේෂත්වයක්.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන්, ප්ලොට් නායක ටී.සිද්ධාර්තන්, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයික්කලනාදන්, එම්.ඒ. සුමන්දිරන්, එස්.ශ්‍රීධරන්, විනෝ නෝහාරාධලිංගම් යන මන්ත්‍රීවරුන්ගේ රුව ඇතුලත් බැනර් වෙතට මෙලෙස කුණු තක්කාලි ප්‍රහාර එල්ල වී තිබුණා.