hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 03, ප.ව. 2:24



මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වනවා.

එම යෝජනාව 2023.02.27 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එහිදී ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා එකී යෝජනාව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය යෙත යොමු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව, එම නියෝජිතායතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා, එකී වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිව ලබාදීමට තීරණය කර තිබෙනවා.